2019 මැයි 11 වන සෙනසුරාදා

මරාගෙන මැරෙන සෙට් එකම දැලේ

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

I ගයාන් ගාල්ලගේ

මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ඉතිරිව සිටි ත්‍රස්තවාදීන් සිව්දෙනාගෙන් එක් අයකු මෙරටින් පැනගොස් ඇතැයි ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

අනෙක් තිදෙනා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිදෙනා සිරියාවේදී මරාගෙන මැරෙන පුහුණුව ලබා ඇති බව සඳහන් වේ.

මෙලෙස පැනගොස් ඇත්තේ වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පට්ටානිචූර් මුස්ලිම් පල්ලියේ භාරකාර මව්ලවිවරයා වන නවුමාන් නැමැත්තා බව එම ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු මේ වනවිට මක්කම වැඳීමට ගොස් සිටින අතර ඉදිරියේදී ඉස්ලාමීය රටක දේශපාලන ආරක්ෂාව ඉල්ලීමට සූදානම් වන බවද එම ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ඔහු ජාත්‍යන්තර පොලීසියේ සහය ඇතිව මෙරටට ගෙන්වීමට තීරණය කර ඇතැයි සඳහන් වේ.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00