2019 මැයි 11 වන සෙනසුරාදා

මධූෂ්ගේ අපරාධ තෝම්බුව ජනපතිට

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

I ගයාන් ගාල්ලගේ

මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක්  සකසා නීතිය හා සාමය භාර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදීමට සූදානම් වන බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම වාර්තාවට මධූෂ්ගේ ප්‍රකාශ, ඒ ප්‍රකාශ ඔහු සිදුකළ අපරාධ සමඟ සම්බන්ධ වන ආකාරය සහ ඔහු විසින් හෙළිකරන පුද්ගල නාමයන් ඇතුළත් වාර්තාවක් මෙහිදී සකසනු ඇත.

මේ වනවිට රැඳවුම් බාරයේ රහස් පොලීසියේ සිටිනා මධූෂ් මිනීමැරුම් අංශය විසින් ප්‍රශ්න කරමින් සිටිනා බව සඳහන් වේ. ඉදිරියේදී පරීක්ෂණ කීපයක් සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය යන කොට්ඨාස වලින් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00