2023 මැයි 14 වන ඉරිදා

ප්‍රතිත්‍රස්ත පනතට විපක්ෂ හවුලෙන් විකල්ප පනතක්

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 18

I දේශපාලන වාර්තාකරු

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් විකල්ප ප්‍රතිත්‍රස්ත පනතක් කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීන්දු කරනු ලැබීය.

ඒ අනුව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනකුගෙන් යුත් කමිටුවක් විකල්ප ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කිරීම සඳහා පත්කරන ලද බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

විකල්ප ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කිරීමේ විපක්ෂ කමිටුවේ සභාපතිවරයා වන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් ය. රන්ජිත් මද්දුමබණ්ඩාර, එරාන් වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, උදය ගම්මන්පිල, ආචාර්ය චරිත හේරත් ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් එහි සාමාජිකත්වය දරති.

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයට ලබාදීමත්, දේශපාලන පක්ෂ හා මාධ්‍ය මර්දනයට ඉඩ නොතැබීමත් නව පනතේ ප්‍රමුඛ අරමුණ බව මේ ගැන දේශයට කරැණු දැක්වූ විපක්ෂ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:04