2023 මැයි 07 වන ඉරිදා

චාමර ගුණසේකර කෙනෙක් නැහැ! - අල්ලස් දූෂණ කොමිසම

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 54

I අධිකරණ වාර්තාකරු

'එක්ස්ප්‍රස් පර්ල්' නෞකා අනතුරේදී රජයට හිමිවිය යුතු වන්දි මුදල වෙනුවට ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත් බවට චෝදනා එල්ල වී ඇති එංගලන්තයේ පදිංචි චාමර ගුණසේකර නැමැත්තා කොටුකර ගැනීමට අල්ලස්, දූෂණ කොමිසම විසින් කරන ලද පරීක්ෂණයේදීත් එම තැනැත්තා සොයාගත නොහැකි වූ බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද හෙළිදරව්වෙන් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඊට අදාළව පැමිණිලි තුනක් ලැබිණි. අනතුරුව මූලික විමර්ශනය ආරම්භ විය. පොලිසිය හා ජාත්‍යන්තර පොලිසියේද උදව් ඇතිව කරන ලද සොයා බැලීමේදී චාමර ගුණසේකර කෙනකු ගැන කිසිදු තොරතුරක් නොලැබුණු බැවින් මෙතෙක් කරන ලද පරීක්ෂණය සාර්ථක නොවූ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00