2023 පෙබරවාරි 05 වන ඉරිදා

මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂවරු 2ක් ඉවත් වෙති.

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:02 142

සංජීවිකා සමරතුංග I

මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් වන මොහාන් සමරනායක හා වී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරු පසුගිය සිකුරාදා සිට තම තනතුරැවලින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත යොමු කර තිබුණි.

මේ වනවිට එහි ඉතිරිව ඇති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සහ අධ්‍යක්ෂිකා චතුරිකා විජේසිංහ මහත්මියයි.

පසුගිය කාලයේ විදුලිය සැපයුම නියාමනය සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර මතභේද හටගෙන තිබූ බව වාර්තා විය. මෙම ඉල්ලා අස්වීම් එම මතභේදයන්හි ප්‍රතිඵලයක් යැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00