2024 මාර්තු 30 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයට අලුත් ඡන්ද ලක්ෂ 10ක්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:02 91

දේශපාලන වාර්තාකරු I

2024 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය. වර්ෂ 2019 දී අවසන් වරට පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයන් 160,00000 (එක්කෝටි හැට ලක්ෂයක්) සුදුසුකම් ලබා සිටියහ. 

එම සංඛ්‍යාව මෙවර ඡන්ද දායකයන් 170,00000 (එක්කෝටි හැත්තෑ ලක්ෂයක්) දක්වා වැඩි වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙන්නේ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අලුත් ඡන්ද දායකයන් මෙම නව ඡන්ද දායකයන් වන බවද ඔහු වැඩිදුරටත් කීය.