I ගයාන් ගාල්ලගේ
නව ව්‍යවස්ථාව මගින් ආගමික භාරකාර මණ්ඩලයක් සකසා සියලු ආගම්වලට අයත් විහාරස්ථාන, දේවස්ථාන, පල්ලි සහ කෝවිල් සඳහා රජය විසින් එක සමානව මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළයුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ දේශයට පැවසූහ.
විහාරස්ථාන සහ දේවස්ථාන වෙත මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදලින් සිදුකරන ධන පරිත්‍යාග වහාම නතර කළයුතු බවත් එසේ සිදුකිරීම හරහා ප්‍රධාන පෙළේ විහාරස්ථාන, දේවස්ථාන පමණක් පෝෂණය වන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
එනිසා සියලු ආගම් නියෝජනය වන පරිදි මෙම භාරකාර මණ්ඩලය පත්කරන ලෙසත් එය ව්‍යවස්ථාවේ කොටසක් ලෙස ඇතුළත් කරන ලෙසත් සෝභිත හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.