2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

ව්‍යවස්ථා සභාව අහෝසියි - අමාත්‍ය රමේෂ් පතිරණ

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 315

I හසිත් අංජන

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ව්‍යවස්ථා සභාව මගින් සිදු කෙරෙන්නේ මෙරට උසස් නිලතලවලට සුදුසු පුද්ගලයන් තෝරා පත්කර ගැනීමයි. එහි සභාපතිත්වය සහ නිල බලය දරන්නේ කතානායකවරයායි.

නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා විද්වත් කථිකාවක අවශ්‍යතාවය පිළිබඳවද ඉදිරියේදී සාකච්ඡා කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.