I දේශපාලන වාර්තාකරු
හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත්කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ප්‍රකට ව්‍යාපාරිකයකු වන සංජීව රාජපක්ෂ ජපානයේ ශ්‍රී ලංකා තානාපති පදවියට නම්කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධරයකු වන රවිනාථ ආරියසිංහ මහතා බොහෝ කාලයක් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති ධුරය දැරීය. ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ඔහු ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් රැකගැනීම සඳහා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. ඊට පෙර ඔහු අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරී පදවි දරා ඇත.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට ජනාධිපති විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ ඊවා වනසුන්දර මහත්මිය පත්කළ නමුත් ඇය පෞද්ගලික හේතු මත එම තනතුර බාරගත්තේ නැත. ඒ පුරප්පාඩුවට රවිනාථ ආරියසිංහ මහතා පත් කෙරේ.
ජපානයට පත්කිරීමට යෝජනා කර සිටින සංජීව රාජපක්ෂ මහතා අමෙරිකා එක්සත් ජනපදයේ සිට ව්‍යාපාර කටයුතු මෙහෙයවන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි.