I හසිත් අංජන
නව දේශපාලන පක්ෂ 156ක් ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලුම් පත් යොමු කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා දේශයට පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්වීම සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් ගිය නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ කැඳවීම පසුගිය 17 වැනිදා ආරම්භ වූ අතර එය ලබන 29 වැනි සෙනසුරාදායින් අවසන් වන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීය.
මෙම වසරේ ජනවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිසම මසක කාලයක් ලබා දී තිබිණි.
මෙලෙස නව පක්ෂ ලියාපදිංචිය සිදු කෙරෙන්නේ 2017 වසරට පසුවය.