2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

මෛත්‍රීගේ ඇමැති පදවිය සංශෝධනයට පස්සේ

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 265

I දේශපාලන වාර්තාකරු

තවත් සති කිහිපයකින් පසුව සිදු කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හමාර වූ පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැබිනට් අමාත්‍ය පදවියක් හිමිවනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කළේය.

19 වැනි සංශෝධනය ඉවත් කිරීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ සීමාවන් ඉවත් වෙයි. එහෙත් යහපාලන රජයේ මෙන් විශාල අමාත්‍යවරුන් පිරිසක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා නොකරන බැවින් මෛත්‍රීපාල සිරිසේන හා තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙතුන් දෙනකුට අමාත්‍ය පදවි හිමිවනු ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. ඒ බව දැනටමත් රජයේ ප්‍රධානීන් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බවද සඳහන් වෙයි.