2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

තවත් රාජ්‍ය ඇමැති පදවි හතරක්?

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

දේශපාලන වාර්තාකරු I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තවත් රාජ්‍ය අමාත්‍ය පදවි හතරක් සඳහා නව මන්ත්‍රීන් පත් කෙරෙන බව දැනගන්නට තිබේ.

මේ අය අතර මෙතෙක් තනතුරු නොලද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුද සිටින බව වාර්තා වේ. එම ලැයිස්තුවේ සුසිල් ප්‍රේමජයන්ත හා අනුර යාපා යන මහත්වරුන් සිටින බව දැනගන්නට ඇත. 

ශ්‍රීලනිපයෙන් පත්වූ රන්ජිත් සියඹලාපිටිය මන්‍ත්‍රීවරයාට නියෝජ්‍ය කතානායක පදවිය යෝජනා කර තිබිණි. ඊට අමතරව පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේදී උසස් අධ්‍යාපන විෂයට අදාළව රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදුන් ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා එම තනතුර භාර නොගතහොත් එම තනතුරට ද සුදුස්සෙක් පත්කරන බව රජය කියයි. එසේ වුවහොත් නව රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනකු පත්වීමට ඉඩ ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.