I කුසුම්සිරි විජයවර්ධන
පුරාවිද්‍යා ස්මාරකවලට වන හැනිය අවම කිරීම සඳහා රජයේ උපදෙස් මත පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා දේශයට කීවේය.
පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කිරීමේ ප්‍රශ්නය මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත. ඊට හේතුව වූයේ කුරුණෑගල රාජධානි සමයට අයත් බව පැවසෙන ඓතිහාසික රාජසභා මණ්ඩපය යැයි කියැවෙන ගොඩනැගිල්ල ඩෝසර් කිරීමේ සිද්ධියයි. එහි සැකකරුවන් මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
පවතින තත්ත්වය යටතේ පුරාවිද්‍යා ස්මාරකවලට හානි කරන්නන්ට දැඩි දඬුවම් පැමිණිය හැකිවන ලෙස පුරාවිද්‍යා පනතේ වගන්ති ගණනාවක් සංශෝධනය කර ඇත. ඒ අනුව ස්මාරකවලට හානි පමුණුවන පුද්ගලයන්ට මෙතෙක් පැනවිය හැකිව තිබූ උපරිම දඩය වූ රුපියල් ලක්ෂ පහ, ලක්ෂ පනහ දක්වා ඉහළ නංවා ඇති අතර මෙතෙක් ක්‍රියාත්මක වූ අවුරුදු 2 සිට 5 දක්වා වන සිරදඬුවම අවුරුදු 10 දක්වා ඉහළ නැංවීමට තීන්දු කර තිබේ. ඊට අදාළ නීති කෙටුම්පත මේ වනවිටත් නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යවා ඇතැයිද ආචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය.