2020 ජුලි 18 වන සෙනසුරාදා

ආණ්ඩුවට බැරිවුණාට අපි රැලි තියනවා - තිස්ස අත්තනායක

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

I හසිත් අංජන

රජයට නිසි ලෙස මැතිවරණ රැලි සංවිධානය කරගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ රැලි කල්දැමුවද විපක්ෂය සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව මැතිවරණ රැලි පවත්වන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දේශයට කීය.

ඒ මහතා කියා සිටියේ මේ වනවිට කෝවිඩ් 19 රෝගීන් වාර්තා වන ප්‍රදේශවල හැර අනෙකුත් සියලු ප්‍රදේශවල සෞඛ්‍ය නීතී රීතිවලට අනුගත වෙමින් ජනහමු පවත්වන බවයි.

ජාතික සමගි ජනබලවේගයේ සංවිධායකවරුන්ට මැතිවරණ රැලි පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සිය පක්ෂය දැනුම්වත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.