2020 ජුලි 11 වන සෙනසුරාදා

සජිත්ලාගේ ජාතික ලැයිස්තුවේ පරදින අපේක්ෂකයන්ට ඉඩක් නෑ

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 205

I ගයාන් ගාල්ලගේ

මහමැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරෙන අය නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගැනීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇතැයි එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.

එය පක්ෂයේ තීරණයක් නොව ප්‍රතිපත්තියක් ලෙසම ගත් දෙයක් බව හෙතෙම සඳහන් කළේය.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අය නැවත පාර්ලිමේන්තුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාව විසින්ම විරෝධයක් ඇති නිසා පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එය ප්‍රතිපත්තියක් ලෙස යොදාගෙන ඇතැයි ඒ මහතා කීය.