2020 ජුලි 11 වන සෙනසුරාදා

කටුනායක ගුවන් තොටුපළ අරින සැලසුම සූදානම්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

I සුගත් පී. කුලතුංගආරච්චි

කොරෝනා වසංගත රෝගය නිසා හටගෙන ඇති අනතුරුදායක තත්ත්වය යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කළ යුත්තේ කෙසේද යන්න ගැන සැලසුමක් සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා දේශයට පැවසීය.

කොරෝනා තත්ත්වය යටතේ මේ වන විටත් බොහෝ රටවල් සංචාරක කටයුතු පවත්වාගෙන යාම සඳහා ගුවන් තොටුපොළ විවෘත කරමින් පවතී. ඒ සඳහා විශේෂ සෞඛ්‍යාරක්ෂණ විධික්‍රම ගණනාවක් අනුගමනය කර ඇත. එම විදේශීය අත්දැකීම් අප රටට ඔබින ලෙස ගලපා සකස් කිරීමට අපේක්ෂා කරන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කීය. 

රටේ ආර්ථිකය බලගන්වා පවත්වාගෙන යාමට සංචාරක ව්‍යාපාරය සක්‍රීය කළ යුතුය. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගනිමින් එය සිදුකළ යුතු ආකාරය ළඟදීම ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කළේය.