2020 ජුලි 04 වන සෙනසුරාදා

රටවල් 48ක සිරවී සිටි දහතුන් දහසක් ශ්‍රී ලංකාවට

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

lදේශපාලන වාර්තාකරු

පසුගිය සිකුරාදා (03දා) වන විට විදේශවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 13,200 ක් මෙරටට ගෙන්වාගෙන ඇත. එම 13,200 ශ්‍රී ලංකාවට පැමිණියේ රටවල් 48කින් බව දේශය මේ ගැන කළ විමසුමකට පිළිතුරු දුන් ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

ඔවුන් කොරෝනා වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකිව සති ගණනක් පොරොත්තු ලේඛනවල සිටි අයයි.
දිනපතාම වාගේ එක් ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙලෙස විදේශවල සිරවී සිටින්නන් මෙරටට ගෙන්වන අතර තවත් 40,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන්නේ යැයි ද අද්මිරාල් කොළඹගේ වැඩිදුරටත් කීය. මෙලෙස පැමිණෙන සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට මුහුණදුන් පසු දින 14 ක් නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරේ.