I ආරක්ෂක වාර්තාකරු
නීතිවිරෝධී ලෙස උතුරු මුහුදට දකුණු ඉන්දියාවෙන් පැමිණ මසුන් මරණ ධීවරයන් අත්අඩංගුවට ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග කියයි.
ඉන්දියාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා රෝගය නිසා ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම බලවත් සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා මෙම තත්ත්වය හටගෙන තිබේ. එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව උතුරු මුහුදේ ආරක්ෂාව තර කර ඇත. ඉන්දීය ධීවර යාත්‍රා අපේ නාවික හමුදාවට නිරීක්ෂණය වූ සැණින් දැන් සිදුකරන්නේ අවවාදාත්මක වෙඩිමුර එල්ලකොට ඉන්දීය ධීවරයන් පලවා හැරීම පමණි. එසේ නොකර ඔවුන් බලය යොදා අත්අඩංගුවට ගැනීමට ගියහොත් නාවික හමුදාව පොලීසිය පමණක් නොව ඔවුන් සම්බන්ධව නීති කටයුතු කරන අධිකරණ නිලධාරීන් පවා නිරෝධායනය කළ යුතු බැවින් මෙලෙස ක්‍රියාකරන බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.