2020 ජුනි 27 වන සෙනසුරාදා

ආගමික නායකයන් දේශපාලනයට ඇදගන්න එපා - කාවීන්ද ජයවර්ධන

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

I හසිත් අංජන

දේශපාලන වේදිකාවේ ආගම් සහ ආගමික නායකයන් පිළිබඳ ප්‍රකාශ නොකළ යුතු බව තම මතය බව ගම්පහ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා දේශයට පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ තමන් කතෝලික බැතිමතකු ලෙස හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමියන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ ආසන පරාජයට පත් වුවද කතෝලික ජනතාවගේ සහාය ඇතිව තමන් මීගමුව ආසනය ජයග්‍රහණය කළ බවත් තමන්ගේ ජයග්‍රහණය පිටුපස මෙන්ම ඉදිරියේදී ද එම ජනතාව තමන් වෙනුවෙන් පෙනී සිටිනු ඇති බවට විශ්වාස කරන බවත් කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් පැවසීය.