I හසිත් අංජන
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ස‘ඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව සිය පක්ෂය ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත් ගම් මට්ටමින් බිම් මට්ටමින් ජනතාව දැනුම්වත් කරමින් මැතිවරණ කටයුතු සඳහා එළඹෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.