2020 මැයි 02 වන සෙනසුරාදා

නව කොරෝනා වර්ග 10ක්

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

2019 වසරේ ප්‍රථම වරට චීනයේ වූහාන් ප්‍රදේශයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය තවත් ප්‍රභේද 10කට විකෘති වී ඇති අතර ලොව පුරා ව්‍යාප්තව ඇත්තේ ඉන් එක් ප්‍රභේදයක් වන A2a වෛරසය බවත් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ජෛව වෛද්‍ය විද්‍යා හා ප්‍රවේණි විද්‍යා ජාතික ආයතනය මගින් කරන ලද  පර් යේෂණයකින් අනාවරණ වී තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය වාර්තා කර තිබූ පරිදි එම වෛරසයේ ඇති  විකෘතිය හේතුවෙන් එය මිනිස් පෙනහළු සෛල තුළට ඉතා කඩිනමින් ඇතුළුවන බව එම පර්යේෂණ කණ්ඩායම සඳහන් කර තිබේ. තම සොයාගැනීම ඉන්දියානු වෛද්‍ය පර්ෙය්ෂණ කවුන්සිලයේ වෛද්‍ය පර්යේෂණ ජර්නලයේ පළ කිරීමට කටයුතු කරන බවද මෙම පර්යේෂණයේ නිරතවූ නිධාන් බිස්වාස් සහ පර්තා මජුම්දර් ප්‍රකාශ කර තිබේ.

මේ පර්යේෂණය කොවිඩ් 19 සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන සමාගම්වලට විශාල පහසුවක් වන බවද එම පර්ෙය්ෂකයෝ කියා සිටිති.

ඉන්දියානු ජෛව වෛද්‍ය විද්‍යා හා ප්‍රවේණි විද්‍යා ජාතික ආයතනය ලොව පුරා කොවිඩ් 19 පර්ෙය්ෂකයන් වෙතින් 2019 දෙසැම්බරයේ සිට 2020 අප්‍රේල් 6 දින දක්වා ලබාගත්  දත්ත මෙම පර්ෙය්ෂණය සඳහා උපයෝගී කර ගෙන තිබිණි. ඒ අනුව රටවල් 55ක  කොරෝනා වෛරස 3600ක දත්ත ඔවුහු භාවිත කර තිබේ.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01