ගයාන් ගාල්ලගේ I
ඉදිරියේ යම් දිනක පාසල් විවෘත කළ පසු අධ්‍යයන කාලය පැය දෙකකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන බලධාරීන් වෙත ජනාධිපති කාර්යාලයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
එසේම පාසල් පැවැත්වෙන සතියේ දින පහට අමතරව සෙනසුරාදා දිනයේද පමාවු විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා යොදාගන්නා ලෙසට පාසල් වෙත උපදෙස් ලබාදීමට නියමිතව ඇත. අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව සීමා කිරීමටද බලධාරීන් තීරණය කරනු ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් මැයි 11 වනදා පාසල් නැවත ආරම්භ කිරීම ගැන තවමත් නිශ්චිත ලෙස තීන්දු කර නැත.