2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

රෝගියකු හමුවුණොත් පැත්තම ලොක්ඩවුන්

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 36

ගයාන් ගාල්ලගේ I

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා මින් ඉදිරියට යම් ප්‍රදේශයකින් රෝගියකු හමුවුවහොත් වහාම එම ප්‍රදේශය වසාදමා ප්‍රදේශයේ නිවැසියන් නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

දින 14ක් පුරාවට එම නිරෝධායනය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර එම ප්‍රදේශයේ කිසිවකුට බැහැරට යාමට ඉඩ ලබා නොදීමටද තීරණය කර ඇත.

එසේ නොකළහොත් මෙම වෛරසය ව්‍යාප්තිය වැඩිවීමේ අවදානමක් ඇති හෙයින් සුළු හෝ සැකසහිත රෝග ලක්ෂණ ඇත්නම් සෞඛ්‍ය අංශ වෙත පැමිණෙන ලෙසත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.