I හසිත් අංජන
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු වැඩිම ඇප මුදල ගෙවිය යුතු දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි.
එම දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදෙන ස්වාධීන කණ්ඩායමක් රුපියල් 44,000 ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාවේ ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතුය. ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් 42,000 ක මුදලක්, මහනුවර දිස්ත්‍රික්කයට රුපියල් 30,000 ක මුදලක්, කුරුණෑගල දිස්ත්‍රික්කයට රුපියල් 36,000 ක මුදලක් මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට රුපියල් 24,000 ක මුදලක් එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඉදිරි මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් අඩුම ඇප මුදලක් තැන්පත් කළ යුතු වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 14,000 ක මුදලකි. මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන පිළිගත් පක්ෂවලින් ඇප මුදල් අය නොකෙරේ.