2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

දිස්ත්‍රික් මන්ත්‍රී ගණන උඩ පහළ යයි

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

I හසිත් අංජන

ඇතැම් දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීන් සංඛ්‍යාව වැඩි වී ඇති බැවින් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත් ගැසට් නිවේදනය මෙම මස අවසානයේ නිකුත් කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

දේශයට ලැබී තිබෙන තොරතුරු අනුව මාතර, මොණරාගල, කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක ගණනාවක දැනට පවත්නා මන්ත්‍රීධූර සංඛ්‍යාව වෙනස් වී ඇතැයි සඳහන්ය. ඇතැම් දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු සංඛ්‍යාව 2015 වසරට සාපේක්ෂව වැඩි වී ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල මෙම මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩු වී තිබේ.

එහෙත් මේ මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩු වැඩි වන්නේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ඡන්දයෙන් තෝරාපත් කර ගන්නා මන්ත්‍රීවරුන් 196 දෙනා අතරය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01