2020 ජනවාරි 11 වන සෙනසුරාදා

කප්පම් කල්ලිය වයඹ හොල්ලයි තානාපතිට පැමිණිලි

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

I දේශපාලන වාර්තාකරු

වයඹ පළාත් ප්‍රධාන පෙළේ කම්හල් ගණනාවක් පිහිටුවා ඇති විදේශ ආයෝජන සමාගමක් එක්තරා දේශපාලන බලවතකුට සම්බන්ධ කප්පම් කල්ලියකගෙන් තම සමාගමට එල්ලවන තර්ජන ගැන කොළඹ සිටින අදාළ ආයෝජකයාගේ මව් රටේ මහ කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම ආයෝජකයාට සේවකයන් සිය ගණනක් සේවය කරන කම්හල් ගණනාවක් හිමිය. එම සමාගම එම රටේ ප්‍රකට වාණිජ ආයතනයකි. මෙම ආයතනයෙන් දිගින් දිගටම කප්පම් ඉල්ලා සිටින්නේ වයඹ පළාතේ ආණ්ඩුව නියෝජනය කරන එක්තරා දේශපාලනඥයකුගේ සහෝදරයකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු බවද පැමිණිල්ලේ සඳහන් බව දැනගන්නට ඇත.

මෙබඳු විදේශ ආයෝජකයන්ට අමතරව ඒ ප්‍රදේශයේ කම්හල් ස්ථාපිත කර තිබෙන ප්‍රකට දේශීය සමාගම්වලින්ද ඔවුන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීම ගැන දේශය පුවත්පත මෙයට පෙරද වාර්තා කළේය.

තානාපති කාර්යාලයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සතියේ එම පැමිණිල්ල ගැන විමර්ශනයට තානාපති කාර්යාල බලධරයන් විසින් මෙම කම්හලේ පාලනාධිකාරියේ ප්‍රධානීන් කොළඹට කැඳවා ඇත.