I ජයන්ත සමරකෝන්
කොළඹ මහනගර සභාවට අභ්‍යාස පොත් මිලදී ගැනීමේ ටෙන්ඩරය ප්‍රදානයේදී රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික දූෂණයක් සිදුවී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ මහත්මිය විසින් එම භාණ්ඩ හා උපකරණ මිලදී ගැනීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව එහි අභ්‍යන්තර විගණන අංශය මගින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවට අනුව විගණන අධිකාරිය මගින්ද මෙම ටෙන්ඩරය පිරිනැමීම හේතුවෙන් රුපියල් මිලියන 15කට අධික මහජන මුදලක් අවභාවිත වීමට ඉඩහැර ඇති බවටත් එම නිලධාරීන්ට (තාක්ෂණ ඇගයීම් කමිටුවේ) එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, නිර්දේශ කර තිබේ.
පසුගියදා පැවති නගර සභා රැස්වීමේදී මේ පිළිබඳව දැඩි කතාබහට ලක්ව ඇති අතර එහිදී හේමන්ත වීරකෝන් (ජවිපෙ) මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම ටෙන්ඩර ප්‍රදානයේදී රුපියල් මිලියන 43ක් වැඩිපුර ඉදිරිපත් කර තිබූ සමාගමට ටෙන්ඩරය ලබාදීමට තීරණය කර ඇති බවය.
නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය (පො.ජ.පෙ) මෙම ටෙන්ඩරය අති දූෂිත බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරියටත් අල්ලස් කොමිසමටත් පැමිණිලි කර තිබේ.