2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ලෝකෙම එපා කියූ බාල බෙහෙත් වැහි වස්සලා

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

පසුගිය කාලයේ මෙරටට ආනයනය කළ ඖෂධ වර්ගවලින් 80%ක් පමණ ලොව කිසිදු රටකින් මිලදී නොගන්නා, ආසියානු රටවල් දෙකක නිපදවන ප්‍රමිතියෙන් අතිශයින් බාල ඖෂධ වර්ග බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ඖෂධවේදියා විසින් දූෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේදී අනාවරණ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව “දේශය” කළ විමර්ශනයකදී නම් සඳහන් කිරීමට අකමැතිවූ දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහලක අධ්‍යක්ෂවරයකු පැවසුවේ මෙම ඖෂධ ලංකාවට ගෙන්වා ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ දේශපාලනඥයකුගේ සමීප ඥාතියකු හා හිතවතකු සතු ඖෂධ සමාගමකින් බවයි.

විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන්ද බාල ඖෂධ විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇතැයි තහවුරු කර තිබේ. කලක සිට රෝහල්වල පවතින ඖෂධ හිඟයට එක් හේතුවක් වී ඇත්තේ එලෙස ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල ඇතැම් ඖෂධ රෝහල් අධිකාරිවරුන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් හොබවා පොහොට්ටුව සමග සන්ධාන ගතවූ පසු රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලද ප්‍රබලයකු ඔහුට භාර වී ඇති අමාත්‍යංශයේ සුදුසු කාර්යාල කාමරයක් නොලැබීම ගැන පසුගියදා ජනාධිපතිතුමාට පැමිණිලි කළේය. අනතුරුව ක්‍රියාත්මක වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයට අයත් කාර්යාල පරිශ්‍රයකින් ඔහුට විශේෂ නිල කාමරයක් ලබා දුන්නේය.