2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

පසුගිය ආණ්ඩුවේ පොලිස් පැමිණිලි වාර්තාවක් කැඳවයි

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

I ගයාන් ගාල්ලගේ

පසුගිය ආණ්ඩුව විසින් පොලීසියට යොමුකරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලට අදාළව වාර්තාවක් ආරක්ෂක අමාත්‍යංශය විසින් කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.‍

එම පැමිණිලිවලට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය සහ එම පැමිණිලි නිසි ආකාරව සිදුකර ඇත්දැයි ආරක්ෂක අමාත්‍යංශය විසින් සොයා බැලීමට තීරණය කර ඇත.

විශේෂයෙන් ඇතැම් විමර්ශන හරහා ජාතික ආරක්ෂාවට අදාළව සංවේදී තොරතුරු අනාවරණය වී ඇති බවට ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින්ම ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණිලි කිරීම නිසා මේ පිළිබඳ සොයා බැලීමට තීරණය කර ඇත.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01