I ගයාන් ගාල්ලගේ
තමන්ට සහ අනෙකුත් අයට අදාළ බුද්ධි පුහුණුව නොතිබුණු බවත් පාස්කු දින ප්‍රහාරය සිදුවීමට මෙම අඩුපාඩුව පාදක වී ඇති බවත් ජාතික බුද්ධි ප්‍රධානියා විසින් පිළිගෙන ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ සඳහන් කර ඇත.
මේ වාර්තාවේ 167 වැනි පිටුවේ අවසන් ඡේදය තුළ එය සඳහන් කර තිබේ. මීට අමතරව මෙහිදී රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් වගකීම් රැසක් පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත. තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු හැකි ඉක්මනින් ඉහළ පාර්ශ්ව සමඟ බෙදා නොගැනීමත් එම තොරතුරු බෙදාගෙන ඇත්තේ මුල්ම බුද්ධි තොරතුර ලැබී සති දෙකකට පසුව බවත් එම චෝදනා අතර වෙයි.
මීට අමතරව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසකගේ වැඩකටයුතු සම්බන්ධයෙන් ගැටලු සහගත තැන් රුසක් මෙහිදී අනාවරණය කර ඇත.