I දේශපාලන වාර්තාකරු
පසුගිය කාලයේ රජය සමඟ බරපතළ ගැටුම් ඇති කරගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨයෝ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරැයුමින් ඔහු හමු වී සාකච්ඡාවක් පැවැත්වූහ.
අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවට එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ රැසක්ම එක්වූහ. මෙහිදී වෛද්‍ය සභාව වෘත්තිකයන්ගේ සංවිධානයක් ලෙස ස්වාධීනව කටයුතු කරනු දැක්ම තම අපේක්ෂාව බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වෛද්‍ය පාදෙණිය ඇතුළු සාමාජිකයන් කීවේ වෛද්‍ය වෘත්තියේ අනන්‍යතාවට හානි කරන කටයුතු ජාතික සම්පත් විකිණීම, විදේශ රටවල් සමඟ රටට අහිතකර ගිවිසුම් ඇති කරගැනීම වැනි කාරණාවලදී තම සංගමය සටන් කරන බවයි. එවිට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ප්‍රතිපත්තිය ද එය බවයි.
සාකච්ඡාව අවසානයේ වෛද්‍ය සභාවේ ප්‍රධානීන් පැවසුවේ තම සංගමය ස්වාධීන සංගමයක් ලෙස සාමාජිකයන්ගේ කැමැත්ත පරිදි ඉදිරි ජනාධිපතිවරණයේදී ක්‍රියා කරනු ඇත කියයි.