2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිටරටවලටත්!

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

I ගයාන් ගාල්ලගේ 

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටවල් කිහිපයක එළිදැක්වීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව එම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් ප්‍රකාශ කළේය.

යුරෝපය, අමෙරිකාව සහ මැදපෙරදිග පදිංචිව සිටින, රැකියා කරන ශ්‍රී ලාංකිකයන් හමුවී මෙම දැනුවත් කිරීම් සහ එළිදැක්වීම් සිදුකිරීමට නියමිතව ඇතැයි ද මේ සඳහා තෝරාගත් විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ වෘත්තීයවේදීන් පිරිසක් සුදානම් කර ඇතැයිද ඔහු කීය.