ගයාන් ගාල්ලගේ l
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණය මෙහෙයවීම සඳහා ඉම්තියාස් බාකීර් මාකාර්ට සහ තමන්ට පැවරෑ බව එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.
එජාපයේ බිම් මට්ටම පසුගිය වසර හතරක කාලය තුළ බිඳී ගිය බවත් එය නැවත ගොඩනැංවීමට තමන්ට හැකියාව තිබෙන නිසා ඒ අවස්ථාව ලබා දී ඇති බවත් ඒ මහතා කීය.
ජනහමු, රැස්වීම් ආදි සියල්ල මේ වනවිට සංවිධානය කර ඇති බවත් මැතිවරණය මෙහෙයුම් කටයුතු වලින් සියයට 50ක වැඩ අවසන් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් යුත් කමිටුවක්ද පත්කර ඇත. ඒ සඳහා අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එජාපයට සහාය දක්වන සුළු පක්ෂවල නායකයන්ද ඇතුළත් වන බව සඳහන් වේ.