2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

එජාප ජනපති අපේක්ෂක තෝරන කමිටුවේ වාර්තාව හෙට

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 250

දේශපාලන වාර්තාකරු I

එ.ජා.ප. ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරා ගැනීම පිණිස පක්ෂනායකයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ තීරණාත්මක වාර්තාව හෙට (සඳුදා) පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා (දේශයට) කීය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වෙනුවෙන් පත්කළ කමිටුවේ සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර හා රාජිත සේනාරත්න සමඟ දිනේෂ් වීරක්කොඩි මහත්වරුන්ය. ඔවුන් පක්ෂයට සුදුසු අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. එ.ජා.ප. අපේක්ෂකත්වය ගැන ඇති නවතම සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කොට එජාප හිතවාදී පක්ෂවල මතයද විමසා මෙයට අදාළ නිර්දේශ එම කමිටුව විසින් සකස් කෙරෙන බව අමාත්‍ය මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.