2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

රනිල්, මහින්ද, ගෝඨා එක මේසයකදී ගත යුතු තීන්දුවක් - සුනිල් හඳුන්නෙත්ති

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

ගයාන් ගාල්ලගේ I

ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සහය මේ මොහොතේ නිෂ්ඵල ක්‍රියාවක් බවත්, එසේ සිදුකිරීමට අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අය එක මේසයකට පැමිණ එකඟතාවයකට පැමිණිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

ඔවුන් තිදෙනා එකඟතාවයකට පැමිණ පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඊට ඕනෑම අවස්ථාවක සහය දක්වන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කාමර තුළ කැබිනට් මණ්ඩල රැස් කර තීරණය නොකළ යුතු බවත් සැබෑ බහුතරය ලබා ගැනීම සඳහා ප්‍රායෝගික තීන්දු තීරණවලට යායුතු බවත් ඒ මහතා කීය.