2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

දිනන්න පුළුවන් අපේක්ෂකයකු ඕනෑ - ඇමැති චම්පික රණවක

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

I දේශපාලන වාර්තාකරු

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බව ජාතික හෙළඋරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දේශයට කීය. හවුල්කාර පක්ෂවලට පිළිගතහැකි ජයග්‍රහණයට හැකියාව ඇති අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අනාගතයේ රට පාලනය කළයුතු ආකාරය ගැන විශේෂ සැලසුමක් තම පක්ෂය විසින් එ.ජා.පෙරමුණේ ප්‍රධානීන්ට ඉදිරිපත්ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඊට එකඟවන අපේක්ෂකයා ගැන තම පක්ෂය උනන්දුවෙන් සලකා බලන්නේ යැයිද කීය.