I දේශපාලන වාර්තාකරු
එ.ජා.ප. ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රී ල.නි.ප. මධ්‍යම කාරක සභාව තීන්දු කිරීමෙන් පසු විපක්ෂයේ ආණ්ඩු විරෝධී බලවේග සමඟ එක්ව කටයුතු කිරීම පක්ෂ විනය උල්ලංඝනයක් යැයි තමන් නොසිතන බව එ.ජ.නි.ස. ජාතික ලැයිස්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.
ඔහු මෙලෙස සඳහන් කළේ මන්ත්‍රීවරයා ප්‍රමුඛ පස් දෙනකු පොහොට්ටුවට සහාය දීමට එරෙහිව විනය පරීක්ෂණයක් කරන බවට පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.
දැනට මෙරට විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) බව කී මන්ත්‍රීවරයා ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීන් 70කට ආසන්න පිරිසක් පොහොට්ටුව සමඟ ක්‍රියා කරන්නේ යැයි අවධාරණය කළේය. එසේම තවත් පිරිසක් එ.ජා.ප.යට එක්ව අමාත්‍ය පදවි හා ආසන සංවිධායක පදවි ද ලබාගෙන ඇතැයි ලක්ෂ්මන් යාපා මහතා කීය. කෙසේ වෙතත් තමන්ට විනය පරීක්ෂණය ගැන ලිඛිතව දැන්වූ පසු ඊට නිසි පිළිතුරු සපයන්නේ යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.