I දේශපාලන වාර්තාකරු
මනෝ ගනේෂන් මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ සංවර්ධන හා හින්දු කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සංහිඳියා කාර්යාලය පසුගිය වසර 4 ½ කාලය තුළ අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව රුපියල් මිලියන 5660ක් වියදම් කර ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් කැබිනට් මණ්ඩලයේදී චෝදනා කළේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබෙන සංහිඳියා කාර්යාල කටයුතු පාලනයට තම ලේකම්වරයාට හෝ ඉඩක් නැතැයි පවසා ඇති අමාත්‍ය ගනේෂන් එම කාර්යාලය විධිමත් විගණනයකට හෝ ලක්කර නැතැයි චෝදනා නැගීය.