2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තුනට කැ‍ඩෙයි

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

I දේශපාලන වාර්තාකරු
ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රී කණ්ඩායම පිල් තුනකට බෙදී ජනාධිපතිවරණය ගැන අදහස් දක්වන්නට පටන්ගෙන ඇත. එයින් මන්ත්‍රීන් 8 දෙනෙකු පමණ නියෝජනය කරන දුමින්ද දිසානායක ජාතික සංවිධායකවරයා එ.ජා.ප.ය සමඟ සන්ධානගත වීමට යෝජනා කර ඇත.

පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීන් 10ක් පමණ පොහොට්ටුව සමඟ සන්ධාන ගතවිය යුතු යැයි ප්‍රකාශ කර ඒ අනුව ක්‍රියාකරමින් සිටිති. තවදුරටත් ශ්‍රී.ල.නි.ප. මතවාදය ඉදිරියට ගෙනයමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරගකොට මැතිසබයේ තීරක බලයක් ලබාගත යුතු යැයි තෙවැනි කණ්ඩායම ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. එයට නායකත්වය දෙන්නේ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් බව කියැවේ. ඒ අනුව ශ්‍රී.ල.නි.ප.යට ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොදු තීරණයක් ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි “දේශයට” වාර්තා වෙයි.