I දේශපාලන වාර්තාකරු
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ ගණනාවක් එක්ව ස්ථාපිත කෙරෙන සන්ධානයේ සභාපති ධුරයට කතානායක කරු ජයසූරිය මහතා පත් කිරීමේ යෝජනාවක් පක්ෂ නායකත්වය වෙත ඉදිරිපත්ව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මෙම සන්ධානය ලබන අගෝස්තු මස 05දා ස්ථාපිත කෙරෙන අතර එය පාලනය කරනු ලබන්නේ නායකත්ව මණ්ඩලයක් විසින් බව කියැවේ. නායකත්ව මණ්ඩලයේ බහුතරය එ.ජා.ප.යට හිමිවන අතර ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී ඒවා නායකත්ව මණ්ඩලයේ 2/3ක බහුතරයෙන් ගතයුතු බවට කොන්දේසියක් ඇතුළත් කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.