2019 ජුලි 27 වන සෙනසුරාදා

ජනපති අපේක්ෂක තේරීම: මෛත්‍රී මහින්ද සාකච්ඡාවක්

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

I සංජීවිකා සමරතුංග

විපක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට තීන්දු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය බදාදා (24) පැවති ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පසුගිය වසරේ විපක්ෂයට ආණ්ඩුව බාරදුන් නමුත් ඔවුන්ට එම ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් අනුව පවත්වාගෙන යා නොහැකි වූ බව සඳහන් කර තිබේ. එවන් පසුබිමක ශ්‍රී.ල.නි.ප.යටද ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අයිතියක් ඇතැයි හෙතෙම සඳහන් කර ඇත.