I ගයාන් ගාල්ලගේ
ඉස්ලාම් ආගම සතු ආගමික කාරණා වෙනස් කොට රටේ පොදු නීතිය හා බද්ධ කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරුන් විසින් විශේෂ කමිටුවක් පිහිටුවා තිබේ.
එම කමිටුව සඳහා ඒ.එච්.එම්. ෆවුසි, රවුෆ් හකීම්, එම්.එච්.ඒ. හලීම් සහ ෆයිසර් මුස්තාෆා යන මැති ඇමතිවරු පත්කරනු ලැබ සිටිති. අවුරුදු 18 අඩු තරුණියන් විවාහ කර ගැනීම, කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීම ආදී ආගමික නීති, පවතින නීතිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම සඳහා මෙම කමිටුව කටයුතු කරනු ඇතැයි සඳහන් වේ .ඉන් අනතුරුව එම යෝජනාව උලමාවරු සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇත.