2019 ජුනි 22 වන සෙනසුරාදා

රිෂාඩ් ඇමැති වුණොත් විශ්වාසභංගය යළිත්

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

I දේශපාලන වාර්තාකරු

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නැවතත් අමාත්‍ය පදවියක දිවුරුම් දුන්නොත් ඔහුට එරෙහිව නව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීන්දු කළේය.

මේ ගැන දැනටමත් පක්ෂ නායකයන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තීන්දුවක් ගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි. එම විශ්වාසභංගයට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ චෝදනා පමණක් ඇතුළත් කිරීමට ද තීන්දු කර ඇත. ඊට හේතුව පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ සිටින කතෝලික මන්ත්‍රීන්ගේ සහාය ද ඊට ලබාගැනීම බව ඒකාබද්ධය පවසයි. මෙම යෝජනාව අවශ්‍ය වුවහොත් එය කෙටුම්පත් කිරීම මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට දැනටමත් පවරා තිබේ.
මෙයට පෙර හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහිව භාරදුන් විශ්වාසභංගය ඔහු ඉල්ලා අස්වීමත් සමඟ අහෝසි විය.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00