2019 ජුනි 22 වන සෙනසුරාදා

එජාප අපේක්ෂකයාත් අගෝස්තුවේදී

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

I හසිත් අංජන

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙත ඉදිරිපත් කරන අපේක්ෂකයා ලබන අගෝස්තු මාසයේදී පමණ ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නකු බවද හෙතෙම පැවසීය.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කිසිසේත්ම පොදු අපේක්ෂකයකු නොවන බවද අමත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.