2019 ජුනි 08 වන සෙනසුරාදා

මාධ්‍යවේදීන් හිරේ දාන නීති ගේන්න දෙන්නේ නෑ - මහින්ද රාජපක්ෂ

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

I සංජීවිකා සමරතුංග

මාධ්‍ය මර්දනය සඳහා ඇතැම් මැති ඇමැතිවරුන් සාපරාධී අපහාස නීතිය නැවතත් ගෙන ඒමට දරන උත්සාහය පරාජය කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

තම තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා මෙවැනි දැඩි මර්දනකාරී නීති ගෙනඒමට ඇතැම් දේශපාලන නායකයන් පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කර ඇති බව තමන්ට වාර්තා වී ඇතැයිද රාජපක්ෂ මහතා කීය.
මෙයට කලකට පෙර සාපරාධී අපහාස නීතිය මෙරට නීති පොත්වලින් ඉවත්කළේ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා යැයි පැවසූ විපක්ෂනායකවරයා පාලකයන්ගේ වැරදි වසා ගැනීමට මර්දන නීති ගෙන ඒමට කිසිසේත්ම ඉඩදෙන්නේ නැතැයි සඳහන් කළේය. තාක්ෂණික අතින් දියුණු හෝ ගෝලීයකරණය වූ ලෝකයේ මාධ්‍ය මර්දනයට දැරෙන උත්සාහය හාස්‍යයට කරැණක් වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00