2019 ජුනි 08 වන සෙනසුරාදා

පාර්ලිමේන්තු සැසිය අවසන් කරයි?

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

I දේශපාලන වාර්තාකරු

හදිසියේම පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ.

මෙයට නිශ්චිත හේතුවක් දැනගන්නට නැතත් පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි විභාග කෙරෙන තේරීම් කාරක සභාව මගින් සංවේදී ආරක්ෂක තොරතුරු ප්‍රචාරය වීම ගැන ජනාධිපතිවරයා සිය දැඩි නොසතුට පළකර තිබූ බව වාර්තා විය. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන පෙළේ ආරක්ෂක ආයතන ගණනාවක ප්‍රධානීන් මෙම තේරීම් කාරක සභාව හමුවට කැඳවා සාක්ෂි විමසීමට නියමිතව තිබුණත් අවසන් මොහොතේ එම තීරණය අවලංගු කර තිබිණි.

යම් හෙයකින් පාර්ලිමේන්තුව වාර අවසාන කළහොත් එවිට නැවත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කොට සභාව කැඳවන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීම සිදුවෙයි.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00