2019 ජුනි 01 වන සෙනසුරාදා

යූ.එන්.පී තීන්දුව කමිටු තීරණයෙන් පසුව - ඇමැති හරීන් ප්‍රනාන්දු

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

I හසිත් අංජන

රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී තිබෙන චෝදනා විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු කමිටුව ලබාදෙන තීරණය අනුව එජාපයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන අවසන් තීන්දුවකට එළඹෙනු ඇතැයි විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

දැනට පාර්ලිමේන්තු කමිටුව විමර්ශන කටයුතු කරගෙන යන අතර එහි වාර්තාව ලද විගස ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට නියමිතව තිබේ.

වාර්තාවේ නිර්දේශ සලකා බලා එජාප මන්ත්‍රීවරුන් පොදු තීරණයකට එළැඹීමට අදහස් කරගෙන ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

එජාපයේ පසුපෙළ මන්ත්‍රීන්ද පක්ෂයේ සෙසු තීන්දු අනුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.