2019 මැයි 25 වන සෙනසුරාදා

විශ්වාසභංගයට පෙර තේරීම් කාරකසභා අතුරු වාර්තාව මැතිසබයට

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

I දේශපාලන වාර්තාකරු

රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඒ ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව නිකුත් කිරීමට රජය තීන්දු කර තිබේ.

මේ බව හෙළිදරව් වූයේ පසුගිය බ්‍රහස්පතින්දා විශ්වාසභංග විවාදය ගැන තීන්දුවක් ගැනීම සඳහා පවත්වන ලද විශේෂ පක්ෂ නායක රැස්වීමේදීය. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් විශ්වාසභංග විවාදය සඳහා ඉතා ඉක්මන් දිනයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටි අවස්ථාවේ සභානායකවරයා මේ බව හෙළිදරව් කළේය.

තේරීම් කාරක සභා අතුරු වාර්තාවෙන් පසු ලබන මස 18/19 දෙදින තුළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට රජය එකඟ විය. එහෙත් මෙම තේරීම් කාරක සභා යෝජනාව ප්‍රතික්ෂේප කළ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ගණනාවක් එකී කාරක සභාව වර්ජනය කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00