2019 මැයි 18 වන සෙනසුරාදා

මුස්ලිම් ජනයාට ප්‍රහාර එල්ල කිරීම ආණ්ඩුව භාරගත යුතුයි - මන්ත්‍රී මුජිබර් රහුමාන්

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 146

I ගයාන් ගාල්ලගේ

සාමාන්‍ය මුස්ලිම් ජනතාවට එල්ලකරනු ලබන ප්‍රහාරවල වගකීම සම්පූර්ණයෙන් ආණ්ඩුව බාර ගතයුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දේශයට පැවසීය.

ආණ්ඩුවට මෙය තවදුරටත් පාලනය කරගත නොහැකි වුවහොත් ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද යන්න ගැන දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

21 වැනිදා අන්තවාදී ප්‍රහාරයෙන් පසුව සති තුනක් යනතෙක් කිසිදු ප්‍රශ්නයක් නොවූ බවත් එහෙත් හිටි හැටියේ සිදුවූ මේ සිද්ධිදාමය සංවිධානාත්මක වැඩක් බවත් ඔහු කීය. ආණ්ඩුව වහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් අද හෙටම තීරණයක් ගන්නට සිදුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.