2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

යූ.එන්.පීය නම් කරන්නේ පොදු අපේක්ෂකයෙක් - රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

හසිත් අංජන l

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නම් කරන අපේක්ෂකයා පොදු අපේක්ෂකයකු බවට පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සැලසුම් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා පැවසීය.

මැයි මස මුල් සතියේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පුළුල් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කරන බව කී අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඒ සඳහා අපේක්ෂකයකු නම් කොට සෙසු පක්ෂවල සහය ලබා ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු අපේක්ෂකයා සම්බන්ධව සියලු තොරතුරු හෙළිදරව් කරන බව හෙතෙම පැවසීය.